ආයෝජන මංඩල අනුමැතියෙන් ආනයනය කරන බොර පාම් තෙලුත් (Crude Palm Oil) ගෝටාභය තහනම් කරලා. ජා ජ බ ඒ මගම යයි .

* අපනයනය සඳහා නිෂ්පාදනය කරන බේකරි මේද සහ මාගරින් සඳහා වූ බොර පාම් තෙල් (crude palm oil )
ආනයනය තහනම් කර ඇති නිසා රටට ඩොලර් මිලියන 40 ක් වාර්ශිකව අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් බිය පල කරයි.

2021/2022 කාලසීමාවේදී
ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ පිටරටින් බොර පාම් තෙල් (CPO ) ආනයනය කිරීම තහනම් කල අතර අවම වශයෙන් ආනයන අපනයන බලපත්‍රයක් හෝ ලබාදීමද මෙම ගැසට් නිවේදනය මගින් තහනම් කර ඇත.

පාම් ආශ්‍රිතවවම නිපදවන අමු පාම් ඔලීන් (CPOL) palm stearing සහ අමු පාම් කර්ණල් තෙල් ආනයනය කිරීම බලපත්‍ර ක්‍රමයට යටත් කර ඇත.

ආයෝජන මණ්ඩලය යටතේ ඇති භාණ්ඩ නිෂ්පාදන කර ඉන්දියාවට අපනයනය කරන සමාගම්වලටත් සිය අමුද්‍රව්‍ය මාසිකව තොග වශයෙන් (By bulk Shipment ) ආනයනය කිරීමටද බලපත්‍ර ලබා ගැනීමට සිදුවීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව සමාගම් පෙන්වා දෙයි

බේකරි මේද ( Bakery shortening) සහ හයිඩ්‍රජීකරණය කරන ලද මේද ( Vanaspathi Ghee ) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඉන්දු ශ්‍රී ලංකා ද්වීපාර්ශික ගිවිසුම යටතේ ඉන්දියාවට අපනයනය කිරීමෙන් 27 % ක පමණ පිරිවැය වාසියක් අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ලැබේ.

2022 වර්ෂයේ දී බොර පාම් තෙල් ආනයනය තහනම් කළත් පසුගිය තෙවසර තුළදී ඉන්දියාවේ තීරු බදු අඩු තිබීම නිසා ශ්‍රී ලංකාවේ සමාගම් මෙම බොර පාම් තෙල් ආනයනය නොකළත් 2025 වර්ෂයේ අප්‍රේල් සිට ඉන්දියාවේ ආනයනය තීරු බදු 32% දක්වා ඉහල දැමීමෙන් ශ්‍රී ලංකාවට ඉතා විශාල වාසියක් හිමිව ඇත.

ඉන්දීය රජය විසින් ටොන් 250,000 ක පංගු ප්‍රමාණයක් ( කෝටාවක් ) ලබාදීම නිසා සිය මාසික ඉලක්කය සපුරා ගැනීමට නම් අවම වශයෙන් බොර පාම් තෙල් ටොන් 6000 ක් පමණ අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි.
එහෙත් අවාසනාවකට බොර පාම්තෙල් ආනයනය ආයෝජන මණ්ඩල සමාගමවලට පවා ගැසට් නිවේදනය අනුව තහනම්ය.

දැඩි ලෙස විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන අතලොස්සක් වූ කර්මාන්ත කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය බාදාවකින් තොරව ආනයනයනය කිරීම පිළිබඳ පවතින ගැටලුවලටද වර්තමාන රජයෙන් හෝ ධනාත්මක ක්‍රියාමාර්ගයක් මේ වනතෙක් ගෙන නොමැත.

ආනයන බලපත්‍රයක් ලබා දීම සඳහා ආයෝජන මණ්ඩලය දැඩිව අනුමත කර තිබියදීත් ආනයනය කරන ලද බොර පාම් තෙල් තොග ගොඩ බෑමට නොහැකිව නැව් හරවා යැවීමට සිදුව ඇති බව මෙම කර්මාන්ත කරුවන් සඳහන් කරයි.

ප්‍රධාන අමුද්‍රව්‍ය නොමැතිව අදාල නිෂ්පාදකයින් නිෂ්පාදනය කරන අගය එකතු කළ භාණ්ඩවල නිෂ්පාදනවල ප්‍රමාණය ස25% ක් වන අතර තහනම් කර ඇති අමු ද්‍රව්‍ය භාවිතා කරන
ප්‍රධාන නිෂ්පාදනය භාණ්ඩවල අගයව් 75% කින් පමණ අඩුවන බව ඔවුන් රජයට පෙන්වා දී ඇත.
මේ පිලිබඳ වර්තමාන රජයේ කිසිවෙකුටත් අවබෝධයක් නොමැති බවයි ඔවුන් පෙන්නා දෙන්නේ   !

Leave A Comment