
ආර්ථික පීඩාවේ අභියෝගයට මුහුණ දෙන්න රාජ්‍ය යාන්ත්‍රණයම සක්‍රීය කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
- Sujeewa Senerath
- August 12, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
රට හමුවේ ඇති අභියෝගයන්ට මුහුණ දීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම වඩා සක්‍රීය කල යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
ඇමෙරිකාවේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දියුණුවෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට ද විශාල ආර්ථික පීඩා ඇතිවීම නොවැලැක්විය හැකි ය.
මෙහි දී අප රට දැනට උපයාගත් ආර්ථික ප්‍රතිලාභ ද ප්‍රයෝජනයට ගෙන බුද්ධිමත්ව හා දීර්ඝකාලීන සැලසුම් ඇතිව ජාතික එකඟත්වයකින් යුතුව ක්‍රියා කලහොත්, ඉදිරි අභියෝගයන්ට මුහුණ දිය හැකි බව අපගේ විශ්වාසයයි.
සංචාරක ව්‍යාපාරය සාර්ථකව දියුණු වෙමින්, ඒ තුළින් සැලකිය යුතු විදේශ සම්පත් ලැබෙමින් පවතී. විදේශ රැකියා වලින් සිදුවන ඉපැයීම් වැඩි වෙමින් පවතින අතර ඒ තුළින් ද භාණ්ඩාගාරයට විශාල ශක්තියක් ලැබේ. අපනයන ක්ෂේත්‍රයේ ද සැලකිය යුතු වර්ධනයක් දැකීම සතුටට කරුණකි. එහෙත්, අපනයනය මීට වඩා සීග්‍රයෙන් වර්ධනය විය යුතු ය. කොළඹ කොටස් වෙළඳපොල ද සැළකිය යුතු ලෙස ඉහළ යෑම රට කෙරෙහි විශ්වාසය තහවුරු කරයි. වාහන ආනයනය කළ ද විදේශ සංචිතය ක්‍රමානුකූලව කළමණාකරණය වන බවක් දැකිය හැකි ය.
අපගේ භූගෝලීය පිහිටීම අනුව එයින් නිසි ප්‍රයෝජන මෙතෙක් නොගැනීම කණගාටුවට කරුණකි. සිංගප්පූරුවට හා ඩුබායි පුරවරයට වඩා ලෝකයේ ප්‍රමුඛ වෙළඳ, නාවුක මධ්‍යස්ථානයක් වීමට අප වෙත බොහෝ අවස්ථා තිබිණි. අවාසනාවකට අප එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නැත.
එමෙන්ම ලංකාවට සෞඛ්‍ය හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් වීමට සෑම සුදුසුකමක් ම තිබිණ. මාලදිවයිනේ ජනාධිපතිවරයා ඒ පිළිබඳව මෑතක දී ද සඳහන් කළේ ය. පසුගිය වසරේ විදේශීය සිසුන්ගෙන් රුපියල් මිලියන 90 ක් ශ්‍රී ලංකාව උපයාගත් බව වාර්තා විය. කිසිදු ප්‍රචාරණයක් සිදු කර නැති පසුබිමකදී ද එය වැදගත් ප්‍රවණතාවයකි. චීනය, රුසියාව, වියට්නාමය, කියුබාව යන රටවල් වෛද්‍ය විද්‍යාල හරහා දේශීය සිසුන්ට අධ්‍යාපනය ලබාදීම සිදුකරන අතර පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට විරුද්ධ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වීම අභාග්‍යයකි. දැන්වත් මෙම යල් පැනගිය ප්‍රතිපත්තීන් වෙනස් කරගත යුතු ය.
වහාම අවධානය යොමු විය යුතු අනෙක් ප්‍රධාන කරුණ වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේදී ඇති ප්‍රමාදයයි. ජූලි මස අග වන විට අයවැය ඇස්තමේන්තුවලින් වැය කර ඇත්තේ 20% ප්‍රමාණයක් පමණක් බව ජනාධිපතිතුමා විසින් සඳහන් කර ඇත. එමෙන්ම මෙම අවුරුද්දේ අවසාන කල යුතුව ඇති මහා පරිමාණ සංවර්ධන යෝජනා 79 ක් අතුරින් ක්‍රියාත්මක වී ඇත්තේ 05ක් පමණකි. එය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ. මේ පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු විය යුතු ය.

පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වීමෙන් පසු බොහෝ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත. එය සතුටට කරුණකි. නමුත් පළාත් සභා අක්‍රීය වීම තුළ විශාල හිඩැසක් පවතී. මේ හේතුවෙන් අවුරුදු 11ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධන ක්‍රියාදාමයන් බොහෝ දුරට බිඳ වැටී ඇත. කොතරම් දක්ෂ වුවත් පළාත් ආණ්ඩුකාරවරයෙකුට පමණක් මෙම ක්‍රියාදාමය තනිව කල නොහැක. අද වන විට මේ රටේ ආණ්ඩුකරණ යාන්ත්‍රණයේ දැති රෝද හතරෙන් තුනක් සක්‍රීය කර ඇතත් පළාත් සභාවන්හි මහජන නියෝජනය අක්‍රීය කර පවතී. ඒ තුළ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට රාජ්‍යකරණයේදී නිසි නියෝජනය ලබා නොදීම බලවත් අසාධාරණයකි. දේශපාලන වාසි හෝ අවාසී නොබලා පළාත් සභා වහා ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකමකි. එසේ නොවීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පැහැර ගැනීමක් ලෙස අපි දකිමු.