ආරු­ගම්බේ සංචා­රක තහ­නම ඉව­තට

ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ සංචා­රය කිරී­මේදී සැල­කි­ලි­මත් වන ලෙස අමෙ­රිකා එක්සත් ජන­ප­දය එරට පුර­වැ­සි­යන්ට නිකුත් කළ සංචා­රක උප­දේ­ශ­නය ඉවත් කිරී­මට අමෙ­රිකා එක්සත් ජන­ප­දය තීර­ණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය අමෙ­රි­කා­වෙන් කළ ඉල්ලී­මට ප්‍රති­චාර දක්ව­මින් එරට රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව මේ තීර­ණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය පව­සයි.

ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය පසු­ගිය ඔක්තෝ­බර් මස 23 වැනිදා එම සංචා­රක උප­දේ­ශ­නය එරට පුර­වැ­සි­යන් වෙනු­වෙන් නිකුත් කරන ලද අතර නැවත දැනුම් දෙන­තුරු ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ සංචා­රය කිරී­මෙන් වළ­කින ලෙස එම තානා­පති කාර්යා­ලය දැනුම් දුන් බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි. ඒ අනුව එම තානා­පති කාර්යා­ලය ශ්‍රී ලංකාව සඳහා වන සංචා­රක උප­දේ­ශ­නය සමා­ලෝ­ච­නය කර­මින් සුප­රි­ක්ෂා­කා­රීව සිටීම, වට­පි­ටාව පිළි­බඳ දැනු­වත් වීම සහ පළාත් පාලන ආය­තන වෙත සැක­ක­ට­යුතු ක්‍රියා­කා­ර­කම් සහ හදිසි අවස්ථා වාර්තා කරන ලෙස සියලු එක්සත් ජන­පද පුර­වැ­සි­යන්ට දැනුම් දුන්නේය.

නැවත දැනුම් දෙන­තුරු ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ සංචා­රය කිරී­මෙන් වළ­කින ලෙස මෙරට සිටින එක්සත් ජන­පද පුර­වැ­සි­ය­න්ගෙන් ඉල්ලා සිටි අතර අදාළ නිවේ­ද­න­යෙන් අන­තු­රුව තවත් රට­වල් කිහි­ප­යක් එම රට­වල පුර­වැ­සි­යන්ට මෙම කලා­ප­වල සංචා­රය කිරී­මෙන් වළ­කින ලෙසත් ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් වඩාත් අව­ධා­නය යොමු කරන ලෙසත් ඉල්ලා සිටි­යේය.

එම තත්ත්වය හමුවේ රජය එම ප්‍රදේ­ශ­වල ආර­ක්ෂාව තර කිරී­මට පිය­වර ගත් අතර බුද්ධි අංශ යොදවා එහි ආර­ක්ෂක කට­යුතු නිර­න්ත­ර­යෙන් සොයා බැලී­මට පිය­වර ගත්තේය.

Leave A Comment