
ඇමෙරිකානු තීරු බද්දට අමෙරිකාවෙන්ම නඩුවක් !
- CNL Reporter
- April 19, 2025
- දේශපාලන
- ඇමෙරිකානු තීරු බද්ද
- 0 Comments
ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු අභියෝගයට ලක්කරමින් කැලිෆෝනියා ආණ්ඩුකාර ” ගැවින් නිව්සම් ” , පසුගිය අප්‍රේල් 16 වැනිදා නඩුවක් ගොනුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට එම බදු ක්‍රියාත්මක කිරීමට බලය ලබාදුන් හදිසි නියෝග එම නඩුවෙන් අභියෝගයට ලක්කර තිබේ .
එක්සත් ජනපදයේ නිෂ්පාදන හා කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රමුඛතම ප්‍රාන්තය කැලිෆෝනියාව යි .
එහෙත් ධවල මන්දිරය, මෙම නඩුව නොසළකා හැර ඇති බව වාර්තා වේ .ඔවුන්ගේ තර්කය වන්නේ , අන්තර්ජාතික වෙළඳාමේ අසමතුලිතතාවන් තීරුබදු පැනවීම මගින් විසඳීය හැකි බවය . එහෙයින්ම් තීරු බදු අඛණ්ඩව ක්‍රියාත්මක කීරීමට දහවල් මන්දිරය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
“කැලිෆෝනියාවේ පැතිර යන අපරාධ, නිවාස හිඟකම සහ දැරිය නොහැකි බව කෙරෙහි අවධානය යොමු නොකර , ජනාධිපති ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති ඓතිහාසික ප්‍රයත්නයන් අවහිර කිරීමට ගැවින් නිව්සම් ඔහුගේ කාලය ගතකනවා ,”
යනුවෙන් ධවල මන්දිර ප්‍රකාශක ” කුෂ් දේශායි ” පවසා තිබේ .
ආණ්ඩුකාර නිව්සෝම් ප්‍රකාශ කර තිබුණේ , කැලිෆෝනියාවට තීරුබදු ගැටලුව අසමාන්‍ය ලෙස බලපා ඇති බවයි , කැලිෆෝනියා ප්‍රාන්ත රජය ජනවාරි මාසයේ සිට ට්‍රම්ප්ට එරෙහිව නඩු 15 ක් ගොනුකර ඇත .තීරුබදු පැනවීම සඳහා අන්තර්ජාතික හදිසි ආර්ථික බලතල පනත ට්‍රම්ප් විසින් භාවිත කිරීම මෙම නඩුව මගින් අභියෝගයට ලක්කර තිබේ යැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ .
එම පනත කිසි විටෙකත් එවැනි අයකිරීම් සඳහා භාවිත කර නොමැති බවට අදාළ නඩුවෙන් තර්ක ගොඩ නගන බව එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දේ .