ඇල්ල සංචාරක කලාපයේ කසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

ඇල්ල සංචාරක කලාපයේ විවිධ ස්ථානවල එක් රැස්ව ඇති කැළි කසළ ඉවත් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසය මඟින් සංවිධානය කර තිබිණි.

බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකළ එම වැඩසටහන සඳහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඇල්ල ප්‍රාදේශීය සභාවේ සහයෝගය ද හිමිව තිබුණි.

එහිදී ඇල්ල වැල්ලවාය මාර්ගය දෙපස, ඇල්ල නගරය හා අවට දුම්රිය ස්ථානය, ආරුක්කු නවය පාලම ආදී ප්‍රදේශවල අවිධිමත් ලෙස බැහැර කර තිබූ කැළි කසළ, ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය එකතු කර ප්‍රදේශයේ පිරිසිදු කිරීම සිදු කෙරිණි.

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධනa

Leave A Comment