ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා 2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම සංචාරයේදී, අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලයේදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයට ගොස් පූජනීය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනු ඇති අතර, ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කරනු ඇත.

මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද හුවමාරු කර ගැනීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ කටයුතු ලේකම්වරයා සහ ඉන්දීය රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සංචාරයට එක් වනු ඇත.

Leave A Comment