
ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් – හිඟයක් නොමැති බවට සංස්ථාවෙන් ප්‍රකාශයක්
- CNL Reporter
- March 1, 2025
- පුවත්
- ඉන්ධන පිරවුම්හල්
- 0 Comments
දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.
ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වන බවට දැනුම් දීමත් සමග මෙම තත්ත්වය හටගෙන ඇත.
කෙසේවුවද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා පවසන්නේ, කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් පාරිභෝගිකයින්ට කලබල නොවන ලෙසයි.
ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර නොකරන බව මෙතෙක් සංස්ථාව වෙත දැනුම්දී නොමැති බවද ඔහු කියා සිටියි.
මේ හේතුවෙන් ජනතාව කළබල නොවන ලෙසත් අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් සභාපතිවරයා පවසයි.
එමෙන්ම අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ඇනවුම් කර ඇතැයිද සභාපතිවරයා පැවසීය.
theleader.lk