උද්ධමනය තවත් අඩුවෙයි
- 5opn1
- November 29, 2024
- දේශපාලන
- උද්ධමනය තවත් අඩුවෙයි
- 0 Comments
2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි.
2024 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 0.6% දක්වා අඩු වී ඇති අතර ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 1.0%ක් ලෙසය.
එමෙන්ම, 2024 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) -3.3%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -1.6% ක් ලෙස වාර්තා විය.
DVN