එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ අමාත්‍ය විජිත හේරත් හමු වෙයි

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා (23) දින අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූවේ ය. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම හමුවේ දී ජාතික සමගිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වනවනසුළු බව පැවසූ මාර්ක් ඇන්ඩෘෘ මහතා ඉදිරියේදීත් ඒ සම්බන්ධ සියලු කටයුතුවල දී රජය නොපැකිලිව ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය අවංකව ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ද ඔහු සහතික වූයේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඉතා යහපත් ආකාරයෙන් පවතින බවත් ඉදිරි කාලයේ දී ඉතා මිත්‍රශීලී සහ ඵලදායී ආකාරයෙන් නව රජයේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් මාර්ක් ඇන්ඩෘෘ මහතා දන්වා සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා වසර 70ක් පිරීම නිමිත්තෙන් ඔක්තෝබර් මාසයේ ලංකාවේ ද සැමරුම් උත්සයක් පැවැත්වීමට අදහස් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය. එමෙන් ම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට ශ්‍රී ලංකාව දක්වන කාර්යය ද මාර්ක් ඇන්ඩෘ මහතා ඇගයීමට ලක් කළේ ය.

Leave A Comment