ඓති­හා­සික වාර්තා රැසක් තබ­මින් මාලි­මා­වට තුනෙන් දෙක ඉක්මවූ ජයක්

ජාතික ජන බල­වේ­ගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක්

සමගි ජන බල­වේ­ගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක්

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්‍රී ධුර 05ක්

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඡන්ද –350,429ක් – මන්ත්‍රී ධුර 03ක්

ශ්‍රී ලංකා දේශ­පා­ලන ඉති­හා­සයේ එතෙක් මෙතෙක් පිහි­ටුවා නොතිබූ වාර්තා රැසක් පිහි­ටු­ව­මින් ජාතික ජන බල­වේ­ගය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ඡන්ද 6,863,186ක් ලබා පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහු­තර බල­යක් සමඟ ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක් දිනා ගැනී­මට සමත් වී තිබේ. ජාතික ජන බල­වේ­ගය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 61.56ක ජය­ග්‍ර­හ­ණ­යක් හිමි­කර ගත් අතර දිස්ත්‍රික්ක මට්ට­මින් 141 ක් හා ජාතික ලැයි­ස්තු­වෙන් 18 ක් වශ­යෙන් මන්ත්‍රී ධුර 159 ක් දිනා ගෙන ඇත. ජාතික ජන ­බ­ල­වේ­ගය මෙවර වාර්තා රැසක් පිහි­ටු­ව­මින් මෙම ජය­ග්‍ර­හ­ණ­යට හිමි­කම් කියූ අතර තනි පක්ෂ­යක් ලෙස මෙසේ පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහු­තර බල­යක් ලබා ගැනී­මට ජාතික ජන­ බ­ල ­වේ­ග­යට හැකි­යාව ලැබීම ඉන් විශේ­ෂ­ත්ව­යකි.

ජාතික ජන බල­වේ­ගය මෙවර ලබා­ගත් ඡන්ද ප්‍රති­ශ­තය මෙතෙක් මහ­මැ­ති­ව­ර­ණ­ය­කදී පක්ෂ­යක් ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රති­ශ­තය වේ. මින් පෙර 2010 වස­රේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය සිය­යට 60.33 ක ප්‍රති­ශ­ත­යක් ලබා ගෙන තිබිණි.

එමෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­යක ජය­ගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන හිමි කර ගැනී­මට ද ජාතික ජන බල­වේ­ග­යට හැකි­යාව ලැබුණු අතර එම වාර්තාව මින් පෙර එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය 2010 වස­රේදී තැබූ අතර ඒ ආසන 136කි.

එමෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­යක ජය­ග්‍ර­හ­ණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන ද මෙවර ජාතික ජන බල­වේ­ගය දිනා ගත් අතර එය දිස්ත්‍රික්ක 21කි. මින් පෙර එම වාර්තාව ද තබා ඇත්තේ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය වන අතර ඒ දිස්ත්‍රික්ක 19 ක් වශ­යෙනි.

එමෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­ය­කදී ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන්නේ ද මෙවර ජාතික ජන බල­වේ­ගය දිනා ගනු ලැබූ ඡන්ද 6,863,186 ප්‍රමා­ණය වේ. මීට පෙර එය 2020 දී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ තැබූ වාර්තා­වක් වන අතර ඒ ඡන්ද 6853960ක් වශ­යෙනි.

එමෙන්ම දිස්ත්‍රික්ක මට්ට­මින් දිනා ගත් වැඩිම මන්ත්‍රී ධුර ගණ­නට හිමි­කම් කියන්නේ ද ජාතික ජන බල­වේ­ග­යයි. මෙවර ජාතික ජන බල­වේ­ගය දිස්ත්‍රික්ක මට්ට­මින් මන්ත්‍රී ධුර 141 ක් හිමි කර ගෙන තිබේ. මින් පෙර ඒ වාර්තාව තබා ඇත්තේ 2020 වස­රේදී ආසන 128 ක් ලබා ගනි­මින් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණයි.

එමෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­ය­කදි ජය­ග්‍ර­හ­ණය කළ වැඩිම මන්ත්‍රී ධුර ගණන ලෙස මන්ත්‍රී ධුර 159 ක් ලබා ගෙන වාර්තා­වක් පිහි­ටු­වී­මට ද ජාතික ජන­බ­ල­වේ­ගය සමත්ව තිබෙන අතර මින් පෙර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මන්ත්‍රී ධුර 145ක් ජය­ග්‍ර­හ­ණය කර තිබිණි.

එමෙන්ම සමා­නු­පා­තික ක්‍රමය යටතේ පාර්ලි­මේ­න්තුවේ ආසන 225න් 2/3ක් තනි පක්ෂ­යක් දිනා ගත් පළමු අව­ස්ථාව මෙය වන අතර එම වාර්තාව තැබී­මට ද ජාතික ජන බල­වේ­ගය මෙවර සමත්ව තිබේ.

එමෙන්ම සිය­යට 3ක මනාප ප්‍රති­ශ­ත­යක සිට ශ්‍රී ලංකා ඉති­හා­සයේ මෙත­රම් වාර්තා තබ­මින් මහ­මැ­ති­ව­ර­ණ­යක් ජය­ග්‍ර­හ­ණය කළ පක්ෂය වන්නේ ද ජාතික ජන බල­වේ­ග­යයි.

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගය ඡන්ද 1,968,716ක් ලබා ගනි­මින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ක් සමඟ සමස්ත මන්ත්‍රී ධුර 40ක් හිමි කර ගෙන තිබේ. සමගි ජන බල­වේ­ගය ලැබූ සමස්ත ඡන්ද ප්‍රමා­ණය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 17.66ක් වේ.

එමෙන්ම තෙවැනි ස්ථාන­යට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යා­වක් දිනා ගැනී­මට ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමත් වී ඇති අතර එම පක්ෂය ඡන්ද 257,813ක් හිමි කර ගෙන තිබේ. එම පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද ඇතු­ළුව මන්ත්‍රී ධුර 8ක් හිමි කර ගැනී­මට සමත්ව ඇත.

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව 500,835ක් වන අතර හිමි කර ගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකත් ඇතු­ළුව මන්ත්‍රී ධුර 5කි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඡන්ද 350,429ක් දිනා ගනි­මින් මන්ත්‍රී ධුර 3කට හිමි­කම් කියන අතර ඉන් එක් මන්ත්‍රී ධුර­යක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය ඡන්ද 87,038ක් ලබා ගනි­මින් මන්ත්‍රී ධුර තුනක් හිමි කර­ගෙන ඇති අතර ඉන් එක් ධුර­යක් ජාතික ලැයි­ස්තු­වෙන් හිමි කර­ගෙන තිබේ.

සර්ව­ජන බලය ඡන්ද 178,008ක් ලබා­ගෙන එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් දිනා ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය ද 66,234ක් ඡන්ද ලබා එක් මන්ත්‍රී ධුර­යක් දිනා ගෙන තිබේ. මීට අම­ත­රව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ද්‍රවිඩ ජාතික සන්ධා­නය ඡන්ද 66,382ක්, අඛිල ඉලං­කෙයි තමිල් කොංග්‍ර­සය ඡන්ද 39,894ක්, අඛිල ඉලං­කෙයි මක්කල් කොංග්‍ර­සය ඡන්ද 33,911ක්, යාප­නය ස්වාධීන කණ්ඩා­යම 17 ඡන්ද – 27,855ක්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඡන්ද 17710ක් ද, වශ­යෙන් ලබා ගෙන එක් මන්ත්‍රී ධුර­යක් බැගින් හිමි කර­ගෙන තිබේ.

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ලියා­ප­දංචි ඡන්ද දාය­ක­යන් 17,140,354 දෙන­කු­ගෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 11,815246 දෙනකු එනම් ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­ය­න්ගෙන් සිය­යට 68.93ක ප්‍රති­ශ­ත­යකි.

එසේ ප්‍රකා­ශිත මනාප අත­රින් 667,240 ක් ප්‍රති­ක්ෂේප වී තිබේ. ඒ අනුව මෙවර මැති­ව­ර­ණයේ වලංගු ඡන්ද සංඛ්‍යාව වන්නේ 11,148,006කි.

dinamina

Leave A Comment