ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් දිවයිනට

ජනපති, අගමැති සහ විදේශ ඇමති සමඟ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් සිව් දින නිල සංචාරයක් සඳහා (07) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණී අතර, සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් පිළිගනු ලැබීය.

අමාත්‍ය විජිත හේරත් සහ ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් අතර නිළ හමුවක් පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා මෙම සංචාරය අතරතුර පැවැත්වීමට සැලසුම් කර ඇත.

සමන්තා ජෝයි මොස්ටින්ගේ මෙම සිදුවන්නේ ඔස්ටේලියාවේ නව රජය පිහිටුවීමෙන් පසු එරට නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා වන Richard Marles ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් සහ එරට විදේශ අමාත්‍ය Penny Wong සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් මැලේසියාවේ දී සිදු වූ පසුබිමක ය.

සමන්තා ජෝයි මොස්ටින් 06 සිට 10 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත් නියමිත ය. එහිදී බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඔස්ට්‍රේලියාව විසින් සහය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද ආණ්ඩුකාරවරිය නිරීක්ෂණය කරනු ඇත.

සමන්තා ජෝයි මොස්ටින්ගේ පැමිණීම ශ්‍රී ලංකාවට වැදගත් සංචාරයක් වන අතර මෙම සංචාරයේ දී ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීම අරමුණු වේ.

 

Leave A Comment