කතරගම එන බැතිමතුන්ට විශේෂ දැනුම් දිමක්
- 5opn1
- November 25, 2024
- දේශපාලන
- කතරගම එන බැතිමතුන්ට විශේෂ දැනුම් දිමක්
- 0 Comments
පවතින මහා වැසි හමුවේ කතරගම මැණික් ගගේ ජලය බොර පැහැ ගැන්වී ඇති බැවින් මැණික් ගඟට බැසිමෙන් වලකින ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා බැතිමතුන්ගෙන් හා කතරගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට මහා වැසි පතිතවිම මුල්කොට ගෙන මැණික් ගගේ ජල මට්ටම දෛනිකව වැඩි වෙමින් පවතින බවත් මේ හේතුන් මත කිඹුලන් ද ගොඩබිම් ආශ්රිත ව සැරිසරන බැවින් මැණික් ගග පරිහරණය කිරිම ඉතා අනතුර දායක බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරයි.
මේ වන විට පවතින පාසල් නිවාඩුව මුල් කොටගෙන බැතිමතුන් විශාල ලෙස කතරගම පුරවරය වෙත පැමිණිම සිදුවේ.
බොහෝ දෙනකු මැණික් ගග නැරඹීමට ප්රිය කරන අතර මේ වන විට ගගට බැසිමට ඇති පියගැට පෙලවල් සියල්ල ජලයෙන් වැසි පැවතීම අනතුර දායක බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා අවධාරනය කරයි.
DN