කරාපිටියේ දොස්තරලා 95ක් වසර දෙකක් තුළ රට හැර ගිහින්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ විදේශගත වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.

වැටුප් ප්‍රශ්න හා විවිධ ගැටලු නිසා මෙම වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරු විදේශගතව ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ හා ළමා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

වෛද්‍ය හිඟයක් තිබුණ ද රෝගී සත්කාර සේවා අඩාළ නොවන අයුරින් අවශ්‍ය ලෙස කළමනාකරණ කරමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල-ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

Leave A Comment