කාන්තා දින සැමරුමේ පහන දැල්වීම පවිත්‍රතා අංශයේ සේවිකාවකට

“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්‍රමික කාන්තා දින සැමරුම ශ්‍රි ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසහනේදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කාර්යාංශයේ ආරක්ෂක අංශයේ මහත්මියකට හා පවිත්‍රතා අංශයේ සේවිකාවකට පොල් තෙල් පහන දැල්වීම සඳහා ආරාධනා කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ සාමාන්‍යාධිකාරී ඩී. ඩී. පී සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Tags:

Leave A Comment