
කැලණිය සරසවියේ කොළඹ දිස්ත්‍රික් ආදි විද්‍යාර්ථීන්ගේ ශාඛාවේ සංවත්සරය 25දා : තිදෙනෙකුට ගෞරව සම්මාන
- CNL Reporter
- May 21, 2025
- විශේෂාංග
- 0 Comments
කැලණිය විශ්ව විද්‍යාලයේ කොළඹ දිස්ත්‍රික් ආදි විද්‍යාර්ථීන්ගේ ශාඛාවේ 8 වෙනි සංවත්සරය හා සම්මාන ප්‍රදානය මෙම මස 25 වෙනි දින පෙරවරු 9.30ට කොළඹ කොටුව ලංකා බැංකු මුලස්ථානයේ නගර ශාඛා රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.
මෙවර සහ රැස්විමේදී ආදී විද්‍යාර්ථීන් තිදෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කිරීම සුවිශේෂ සිදුවීමකි.
ඒ අනුව අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාපයේ ප්‍රධාන සංඝනායක සාහිත්‍යශූරී ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් වහන්සේ, සම්මානිත මහාචාර්ය උපාලි එස්. අමරසිංහ, සම්මානනීය ප්‍රවීන රංගවේදී හේමසිරි ලියනගේ මෙවර 2025 වසරේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේදී සම්මානලාභීන් ලෙස ගෞරවයට පාත්‍රවනු ඇත.
කැලණිය සරසවියේ ආදි විද්‍යාර්ථ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.
(සටහන | ජේ.මුණසිංහ)