
කැලෑ ගිනි තැබීම් 49ක්
- CNL Reporter
- March 9, 2025
- පුවත්
- කැලෑ ගිනි තැබීම් 49ක්
- 0 Comments
දිස්ත්‍රික්ක 11 ක කැලෑ ගිනි තැබීම් හතළිස් නවයක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැති වියළි කාලගුණයත් සමග ගිනි තැබීම් වාර්තා වූ බව කියයි.
හේන් ගොවිතැන සඳහා මූලික බිම් සැකසීම, මී/බඹර පැණි සොවීමට, ගවයින් සඳහා නැවුම් තෘණ සඳහා මෙන්ම වන සතුන් දඩයම් කිරීමට කැලෑ ගිනි තැබීම් සිදු කර ඇත. ඇතැම් සංචාරකයින් විසින් ගිනි තැබීම් සිදු කරන බව ද මූලික විමර්ශනවල දී තහවුරු කරගෙන ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ගිනි තැබීම් වාර්තාවී තිබේ. එම ගණන 11ක් බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් කැලෑ ගිනි ගැනීම් 09ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් කැලෑ ගිනි ගැනීම් 07ක්, මෙන්ම නුවරඑළිය, රත්නපුරය, ගම්පහ, කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් සිදුවීම් 04 බැගින් වාර්තා වී ඇත. 2025 ජනවාරි 01 දින සිට පෙබරවාරි 25 දින දක්වා දිස්ත්‍රික්ක 11ක ගිනි තැබීම් වාර්තාවී ඇත.
ගාල්ලේ සිදුවීම් 02ක් සහ කළුතර, පුත්තලම, මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් සිදුවීම් එක බැගින් ද වාර්තා වී ඇත. කැලෑ ගිනි තබන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව ආසන්න පොලිස්ථානයට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු කාර්යාල නිලධාරීන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
2009 අංක 65 දරන කැලෑ සංශෝධන පනතට අනුව කැලෑ ගිනි තැබූ සැකකරුවකුගෙන් සිදුවූ හානිය අයකර ගැනීමට අධිකරණයට බලය ඇත. රක්ෂිත ගිනි තැබීමේ වරදට අධිකරණය මගින් වසර 07ට නොවැඩි සිර දඬුවමක්/බන්ධනාගාර ගත කිරීමක් හෝ දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය ඇත.
නිමල් ගුණතිලක