කෙහෙළියක කාලේ බෙහෙත් හිඟය අසූවයි – අද බෙහෙත් හිඟය එකසිය අසුවයි – වෛද්‍ය චමල් සංජීව

රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලන දුර්වලතා නිසා ඖෂධ හිඟයෙන් රෝගීන්ට පීඩා…

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්කැල්ල පාලනය අවසාන වන විට ඖෂධ අසූවක පමණ හිඟයක් පැවති නමුත් අද වන විට ඖෂධ හිඟය දෙසීයකට ආසන්නව ඇති බවත් මේ අතර අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක ඖෂධ ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ කුඩා දරුවන්ට ලබා දෙන ඖෂධ ස්වසන රෝග සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු ිත ආරක්ෂක ඖෂධ රැසක් අඩංගු වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන දුර්වල පරිපාලනයත් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට පත් කරන ලද ඉහළ නිලධාරීන් මෙම ඇතිවී තිබෙන තත්ත්වයට ඍජුව වගකිවයුතු බවද ඔහු සඳහන් කරයි.

මේ තත්ත්වය යටතේ ඉදිරියේදී රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි ලෙස අපහසුතාවට පත්වන බැවින් වහාම මේ සම්බන්ධව ජනාධිපතිවරයා විසින් සොයා බැලිය යුතු බව ඔහු සඳහන් කරයි.

ඇතැම් මිලදී ගැනීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරුන් පවා ජනමාධ්‍ය ඔස්සේ ජනතාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Leave A Comment