කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්
- 5opn1
- January 23, 2025
- ව්‍යාපාරික පුවත්
- කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්
- 0 Comments
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නව මානයකට රැගෙන යමින් කොටස් මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමට කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (22) සමත් විය.
සිය දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,828.80 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 231.64ක වර්ධනයක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. එම අගය සියයට 1.40ක වර්ධනයකි. මේ අතර S&P SL20 දර්ශක අගය ඒකක 5,147.62ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 100.17ක ඉහළ යෑමකි. එය සියයට 1.98ක වර්ධනයක් බවද වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ට්‍රිලියන 10.6 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.