කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

2024 පෙබරවාරි මාසයේ දෙවන සතියේ නිමාව සනිටුහන් කරමින් ඊයේ  (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 358.47 ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්වූ අතර S&P SL20 දර්ශකය ඒකක 90.61ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්විය.

ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,936.69 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,035.21ක් ලෙසත් සටහන් වූ අතර එය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 2.16% ක හා 1.83% ක වර්ධනයන් වේ.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් සෙලින්කෝ හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, හේලීස්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් වර්ධනයන් ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් වූ අතර සමාගම් 169ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණි.

අද දින රු. බිලියන 4.89ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.54 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.02 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 353 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 867 ක් ලෙසින් වාර්තා වී තිබේ.

 

Leave A Comment