
කොරියානූ භාෂාව ඉගෙන ගෙන ලෝකය ජයගන්න – මහාචාර්ය කිම් සුන්ග් ජින්
- Sujeewa Senerath
- September 8, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- migrant, south Korea
- 0 Comments
ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.
ඔබ කොරියන් භාෂාව හොඳින් ඉගෙන ගත්තොත් ඔබට කොරියාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක හොඳ වැටුපක් ලැබෙන රස්සාවකට යන්න විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිළිගත්ත කොරියාවේ විශ්වවිද්‍යාලයකටත් යන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ, කෘතිම බුද්ධිය හෙවත් AI, සංචාරක ක්ෂේත්‍රය, ඉංජිනේරු හෝ ව්‍යාපාර කළමනාකරණ වැනි අද මුළු ලෝකෙම ඉහළම පිළිගැනීමක් තිබෙන උපාධි පිරිනමන විශ්වවිද්‍යාල කොරියාවේ ඇති බවය. ඔබ හරියට මාස හයක් කොරියානු භාෂාව ඉගෙන ගත්තොත් ඔබට පුළුවන් මුළු ලෝකෙම ජයගන්න යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද සිංහලෙන් කොරියානු භාෂාව උගන්වන, කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් ප්‍රකාශ කළේ, පසුගියදා (06) දින ගම්පහ British Center හි පැවති කොරියානු භාෂාව පිළිබඳ තරුණ සම්මන්ත්‍රණයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය කිම් මහතා කියා සිටියේ, ලෝකයේ අධ්‍යාපන සහ රැකියා ක්ෂේත්‍රයේ ආසියානු කලාපයට විශාල ඉල්ලුමක් ඇති බවත්,ගැ ටලුව ඇත්තේ ඒ රැකියා සඳහා යෑමට ලංකාවේ අයට ඒ රටට අදාළ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම බවය.
British Center හි සභාපති නාලන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයේ දී අදහස් දැක් වූ එහි අධ්‍යක්ෂ හසන්ත පෙරේරම් මහතා ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ලෝකයේ විවිධ රටවල රැකියා සහ අධ්‍යාපනය සඳහා යෑමට අවස්ථාව සලසා දීම සඳහා ලාභ පරමාර්ථයකින් තොරව විවිධ භාෂා තම මධ්‍යස්ථානයේ දී හැදෑරීමට අවස්ථාව සලසා ඇති බවය.