ගිනිඅවි 85% ක් යළි භාරදීලා

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිවිල් පුරවැසියන්ට නිකුත් කර තිබූ ගිනිඅවි වලින් සියයට 85ක් මේ වනවිට නැවත භාරදී ඇති බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

මෙසේ ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා නිකුත් කර තිබෙන අවි ආයුධ පිළිබඳව විමර්ශනයක් කර ඒවා ලබාගැනීමට සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයන්ට ඒවා නැවත භාරදීමට කටයුතු කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියි.

එමෙන්ම අවි ආයුධ නැවත භාරදීමේ කාලය ලබන ජනවාරි 20 වැනිදායින් අවසන් වන බවත් එම කාලසීමාව තුළ ආයුධ භාර නොදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ආරක්‍ෂක ලේකම්වරයා පවසයි.

හේමන්ත රන්දුණු

Leave A Comment