
ගිය පෙබරවාරියේ නිෂ්පාදන අංශයේ වර්ධනයක්
- CNL Reporter
- March 21, 2025
- ව්‍යාපාරික පුවත්
- ගිය පෙබරවාරියේ නිෂ්පාදන අංශයේ වර්ධනයක්
- 0 Comments
පසුගිය පෙබරවාරි මාසයේදී රටේ නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අනුව නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 පෙබරවාරි මාසයේදී 56.8ක දර්ශක අගයක් වාර්තා කළ බව ද මහ බැංකුව කියයි.
විශේෂයෙන් ආහාරපාන නිෂ්පාදන අංශයේ නියුතු බොහෝ සමාගම් එළැඹෙන උත්සව සමය සඳහා සූදානම් වෙමින් සිටීම නිසා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූ බවත් ඉහළ යන ඉල්ලුමට මුහුණදීමට සරිලන පරිදි සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ ගිය බවත් මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මේ අතරම 2025 පෙබරවාරි මාසයේදී සැපයුම්කරුවන් කාර්යබහුල වීම නිසා ඔවුන්ට ඇණවුමක් සැපයීමට ගත වූ කාලය තවදුරටත් ඉහළ ගොස් තිබේ. එමෙන්ම 2025 පෙබරවාරි මාසයේදී සේවා කටයුතුවලදී සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මහ බැංකුව තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත