ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව ආරම්භ වේ

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන් රියාද් අගනුවරදී අති උත්කර්ෂවත් ලෙස (29) දින ආරම්භ විය.

මෙම සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එක්වූවා. මෙහි විශේෂත්වය වූයේ සඳහා රටවල් රැසක විෂයභාර අමාත්‍යවරුන් මෙන්ම කම්කරු නායකයන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්  එක්ව සිටීමයි.

ශ්‍රම වෙළඳපොළ සමුළුව සඳහා  5000කට වැඩි පිරිසක් සහභාගී වී සිටින අතර, සමුළුව ඇමතීම සඳහා කථිකයන් 180දෙනෙකු මෙන්ම ලොව කම්කරු අමාත්‍යවරුන් 70කට වැඩි දෙනෙක් සහභාගී වෙමින් සිටිනවා.

මෙම ලෝක ශ්‍රම වෙළඳපොළ සමුළුවේදී ශ්‍රම වෙළඳපළේ නූතන ප්‍රවණතා, ජාතික ප්‍රතිපත්ති මෙන්ම ඒ ඒ රටවල ආර්ථික තත්ත්වයන් පිළිබඳවද අවධානය යොමු වී තිබෙන අතර, ශ්‍රම වෙළඳපළේ වත්මන් අභියෝග, වැටුප් විෂමතා, තරුණ සේවා නියුක්තය ආදී කරුණු පිලිබඳවද සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය.

මෙහිදි සුළු හා මාද්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලගන්වමින් ජාතික ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුවේ අද(30) දින දක්වා පැවැත්වෙනු ඇත.

 

Leave A Comment