
ඡන්දපළේදීම ඡන්ද ගණන් කරයි
- CNL Reporter
- April 21, 2025
- දේශපාලන
- ඡන්ද
- 0 Comments
මැතිවරණ නීතියට අනුව පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානය තුළම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්ද විමසීම අවසන් වූ පසුව ගණන් කිරීමේ නිලධාරීන් ඉදිරියේදී ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ගණන් කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා ගෙනයන බව ද මැතිවරණ නිලධාරියකු ‘දිවයින’ට පැවසීය. පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීම එහිදී සිදු කෙරේ.
මේ අතර කලින් චක්‍රලේඛ මගින් දැනුම් දුන් ආකාරයට සමහර රාජ්‍ය ආයතන, මැතිවරණ රාජකාරි සඳහා යොදාගන්නා නිලධාරීන් හා වාහන සංචිත පිළිබඳ වාර්තා මෙතෙක් ලබාදී නොමැති බව ද ඒවා කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස කොමිසම දන්වා සිටී.
රනිල් ධර්මසේන