ජනාධිපතිට, අගමැතිට, විපක්ෂ නායකට, ඇමැතිවරුන්ට පැරදිලත් රාජ්‍ය දේපළ නැතිව බැහැ
- 5opn1
- November 4, 2024
- දේශපාලන
- ජනාධිපති අනුර කුමාර දිසානායක, මාලිමා රජය
- 0 Comments
කැත සංස්කෘතිය මාලිමා රජයකින් නතර කරනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි
රාජ්‍ය දේපළ තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කරලා කොච්චර පුරුද්දක් තියෙනවද? කොච්චර ඇබ්බැහි වෙලාද කියනව නම් ඔවුන්ට පැරදිලත් ඒවා නැතිව බෑ. පැරදිලිත් ආරක්ෂාව, පැරදිලත් වාහන, පැරදිලත් ආණ්ඩුවෙන් තෙල් ගහන්න සල්ලි, ගෙදර උයන්න කෝකියෝ, මේකයි පුරුදු වෙලා තියෙන්නේ 1977 ඉඳන්ම. ඇමැති හැටියට මහජනයාගේ දේපළ තමන්ගේ ජීවිතය වෙනුවෙන් පාවිච්චි කළා. විපක්ෂ නායක හැටියට මහජන දේපළ පාවිච්චි කළා. අගමැති හැටියට මහජන දේපළ පාවිච්චි කළා. ජනාධිපතිත් ඒ දේම කළා. පැරදුනාමත් මහජනයාගේ දේපළ පාවිච්චි කරන්නයි අවශ්‍යය. මේ කැත සංස්කෘතිය ජාතික ජන බලවේගය නතර කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
දිසානායක මහතා මෙලෙස පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගනයේ සංවිධානය කොට පැවැති ජන හමුවක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
කවුරුත් කලබල වෙන්න එපා. අපි වැඩේ හරියට කරනවා. රටේ ජනතාවට ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ක්‍රමයෙන් අපි ඉටු කිරීමට කටයුතු කරනවා. දූෂිතයින් පිළිබඳව ප්‍රශ්නයට කවුරුත් කලබල වෙන්න එපා. පසුගිය කාලේ දූෂිතයින්ට දඬුවම් දීම සංදර්ශනයක් වෙලා තිබුණේ. අපි ඒක සංදර්ශනයක් ලෙස නොවේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීමක් ලෙස ඒ වෙනුවෙන් ගොඩනගා පවතින ආයතනයක් අද පවතිනවා. සමහරු අද විපක්ෂය හදන්න ගොඩක් මහන්සි වෙලා දඟලනවා. මේ වෙලාවේ විපක්ෂයක් රටට මොකටද? අපට අවශ්‍ය ශක්තිමත් ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් රටේ සියලු ජනතාව මේ මොහොතේ පෙළ ගැසී සිටින්නේ ජාතික ජන බලවේගය අපි කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය කිසි දිනක කඩකරන්නේ නෑ අපි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී රටේ වැඩි බලයක් සමගින් යහපත් පුරවැසියන් පාර්ලිමේන්තුවට එවන්න. එවැනි අය ඉන්නේ වෙන පක්ෂවල නොවේ අපේ ජාතික ජන බල වේගයේ පමණයි.
පසුගිය ජනාධිපතිවරණය අපේ රටේ විශාල සමාජය පරිවර්තනයක් ඇති කළ ඡන්දයක්. අපේ ඡන්ද ව්‍යාපාරය අතුලේත් අපි ඒ බව පෙන්නලා දුන්නා. මෙවර මහ මැතිවරණය කියලා කියන්නේ දීර්ඝ කාලයක ඉඳලා අපේ රට පාලනය කරන ලද දූෂිත, වංක පාලනයන්ගෙන් පොදු ජනතාවගේ අතට පාලන බලය හුවමාරු වෙන අවස්ථාවයි උදා වෙන්නේ. ඒනොවැම්බර්14 වෙනිදා. අපි කරන්න හදන්නේ අන්න ඒ දූෂිත ප්‍රභූ පාලනය පොදු ජනතාවගේ අතට මාරුවීම තවත් ශක්තිමත් කරන දිනය ලෙසයි 14 වෙනිදා සලකන්නේ. හැබැයි දැන් ඔබට පේනවා ඒ පරාජිත නායකයන්ගේ ප්‍රකාශ බැලුවමකොච්චර අවිනිශ්චිත භාවයට පත්වෙලා තියෙනවද කියලා.ඔවුන්ට මේ පරාජය කොච්චර දරාගන්න බැරිද ඔවුන්ගේ කතා ඇතුලේ ගැබ්වෙලා තියෙනවා ඒ බව. ඔවුන්ගේ දූෂිත ප්‍රභූ පාලනයන්ගෙන් පොදු ජනයාගේ අතට බලය මාරුවීම ඔවුන්ට කොච්චර රිදවීමක් කරලා තියෙනවද කියලා අද මාධ්‍යයට ගිහින් කියන දේ වලින් පේනවා. ඒක ඒඅයට දරාගන්න බැරි බව ජනතාවටත් තේරුම් ගිහින් තියෙනවා.
මේ මහනුවර දිස්ත්‍රික්කය බැලුවොත් මහනුවර නියෝජනය කරපු පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් එක්කෙනෙක්, දෙන්නෙක්වත් බන්ධනාගාරයේ ඉන්නවාම තමයි. ඒ නිසා පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ව්‍යාපාරයේදී මහනුවර ජනතාවට විශාල කාර්යයක් පැවරී තිබෙනවා. මේ විනාශකාරී කණ්ඩායම වෙනුවට රට ගොඩනැගීම සඳහා සමත් වෙන, අවංක භාවය තිබෙන, අදූෂිත භාවය තියෙන, මාලිමාවෙන් මෙවර පාර්ලිමේන්තුව පුරවන්න 14 වෙනිදාට සූදානම් වෙන්න.
ඒ වගේම රාජ්‍ය දේපළ තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කරලා කොච්චර පුරුද්දක් තියෙනවද, කොච්චර ඇබ්බැහි වෙලාද කියනව නම් ඔවුන්ට පැරදිලත් ඒවා නැතිව බෑ. පැරදිලිත් ආරක්ෂාව, පැරදිලත් වාහන, පැරදිලත් ආණ්ඩුවෙන් තෙල් ගහන්න සල්ලි, ගෙදර උයන්න කෝකියෝ. මේකයි පුරුදු වෙලා තියෙන්නේ 1977 ඉඳන්ම. ඇමැති හැටියට මහජනයාගේ දේපළ තමන්ගේ ජීවිතය වෙනුවෙන් පාවිච්චි කළා. විපක්ෂ නායක හැටියට මහජන දේපළ පාවිච්චි කළා. අගමැති හැටියට මහජන දේපළ පාවිච්චි කළා. ජනාධිපති හැටියට ඒ දේම කළා. පැරදුනාමත් මහජනයාගේ දේපළ පාවිච්චි කරන්නයි අවශ්‍යයි. මේ කැත සංස්කෘතිය ජාතික ජන බලවේගය නතර කරනවා. අපි මේ වන විටත් ඒ සඳහා වෙනම කමිටුවක්
පත් කරලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කරන්න අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගන්න. අපේ රටට ඕන ඒ වගේ යහපත් වූ දේශපාලන සංස්කෘතියක්. අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ වැදගත් දේශපාලන සංස්කෘතිය ලංකාවේ සංස්කෘතිය බවට පත් කරලා තමයි ජාතික ජන බලවේගය නතර වෙන්නේ කියලා. ඒ වගේම අපි සහතික වෙනවා ජනතාවගේ තියෙන පාර්ලිමේන්තුව පිළිබඳව අවිනිශ්චිතතාවය නැති කරනවා කියලා. ඒකේ ඉන්න අය ගැන තියෙන පිළිකුල් සහගත බව ඉවත් කළ යුතු වෙනවා. අනීතික ක්‍රියාවන් ඉවත්කර නව සංස්කෘතියක් මේ පාර්ලිමේන්තු සම්ප්රදාය තුළ ගොඩනගන්න 14වෙනිදා පාර්ලිමේන්තුව ශුද්ධ කරන්න ජාතික ජනබලවේගයෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුව පුරවන්න යැයි අපි ජනතාවට කියනවා. රටේ නීතියට උඩින් හිටිය කාලේ දැන් ඉවරයි. හැමෝම පවතින නීතියට යටත් වීමේ කාල පරිච්ඡේදය යුගය අපි උදා කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුව සුද්ද කරන්න අපේ මාලිමාවේ අවංක අයගෙන් මෙවර පාර්ලිමේන්තුව පුරවන්න.
සිරිල් විමලසුරේන්ද්‍ර, ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන