ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට

ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිමේ උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata ගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පස්වරු 12.30ට මුදල් අමාත්‍යාංශයේ රන්දොර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ණය තිරසාර භාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාමේ ප්‍රගතිය කැපී පෙනෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී පෙන්වා දී තිබිණ.

දැනටමත් ශ්‍රී ලංකා රජය දේශීය වශයෙන් ණය පහසුකම් ලබාගත්තවුන්ට ගෙවීමට තිබෙන මුදල් සම්බන්ධයෙන් ණය ප්‍රශස්තිකරණයකට එකඟවී ඇත. ඊට අමතරව විදේශීය වශයෙන් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගෙන තිබේ. දැනට ඉතිරිව තිබෙනුයේ ද්විපාර්ශවීය ණය හිමියන් සමග ගිවිසුම් වලට එළඹෙමින් කටයුතු කිරීමටය.

එවැනි වාතාවරණයක් යටතේ ඉතා සුළු ණය හිමියන් පිරිසක් සමග ඉදිරියේදී ඉක්මනින් ණය ප්‍රශස්තිකරණ ගිවිසුම්වලට එළඹීමට හෙට (07) අත්සන් තැබෙන එකඟතාවයත් සමග තවත් කටයුතු වේගවත් වන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

(සටහන | ජේ.මුණසිංහ)

Leave A Comment