ජාතික පාසල් 159 කම ඉන්නේ සුදුසුකම් නැති විදුහල්පතිවරුන්

ජාතික පාසල් 159 කට පත් කර ඇත්තේ සුදුසුකම් නොමැති විදුහල්පතිවරුන් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා එසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ජාතික පාසල් 396 අතරින් අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන් සිටිය යුතු පාසල් 46 කට සහ එම සේවයේ දෙවැනි හා තෙවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරුන් සිටිය යුතු පාසල් 25 කට ද, පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන් සිටිය පාසල් 88 කට ද මෙලෙස සුදුසුකම් නොමැති විදුහල්පතිවරුන් පත් කර තිබෙන බව නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Leave A Comment