
ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නැහැ – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
- CNL Reporter
- February 10, 2025
- දේශපාලන
- ceb
- 0 Comments
- පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුවයි.
පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා. ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබද වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා. කොහොම වුනත් මේ තත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නවා.
විදුලි බිද වැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්වයට පත් කරන්නට වෙහෙසුණු හා සහයෝගය දුන් සියළු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා යැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.