තරු­ණ­යන්ට තැන දෙමින් පුංචි ඡන්ද­යට සංශෝ­ධ­න­යක්

කැබි­නට් මණ්ඩ­ලයේ අව­ධා­නය නීති­පති ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වයි

නව තරුණ ඡන්ද­දා­ය­ක­යන්ට ඡන්දය ප්‍රකා­ශ­යට පත් කිරීමේ සහ මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් ලෙස ඉදි­රි­පත් වීමට පහ­සු­කම් සැල­සීමේ අර­මු­ණින් ‘පළාත් පාලන මැති­ව­රණ පනත’ සංශෝ­ධ­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ලයේ අව­ධා­නය යොමු වී ඇති බව නීති­ප­ති­ව­රයා ඊයේ (11) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

ඒ අනුව 2024 ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය පද­නම් කර­ගෙන පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට සහ කැඳවා ඇති නාම­යෝ­ජනා පත්‍ර අව­ලංගු කර අලු­තින් නාම­යෝ­ජනා පත්‍ර­යක් කැඳ­වී­මට අවශ්‍ය විධි­වි­ධාන ඇතු­ළත් කර එම සංශෝ­ධිත පනත් කෙටු­ම්පත සකස් කරන ලෙස නීති කෙටු­ම්පත් දෙපා­ර්ත­මේ­න්තු­වට කැබි­නට් මණ්ඩ­ලය මඟින් දැනුම් දී ඇතැයි ද නීති­ප­ති­ව­රයා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට තව­දු­ර­ටත් දැනුම් දුන්නේය.

2024 ජන්ද හිමි නාම­ලේ­ඛ­නය පද­නම් කර ගනි­මින් පළාත් පාලන මැති­ව­ර­ණය පව­ත්වන ලෙස නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශ­පා­ලන පක්ෂ සාමා­ජි­ක­යන් පිරි­සක් විසින් ඉදි­රි­පත් කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් නිර්ම­ලන් විග්නේ­ෂ්ව­රන් මහතා මේ බව දන්වා සිටි­යේය.

අග­වි­නි­සුරු මුර්දු ප්‍රනාන්දු මහ­ත්මිය සහ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන අර්ජුන ඔබේ­සේ­කර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳ­වනු ලැබිණි.

එහිදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් නිර්ම­ලන් විග්නේ­ෂ්ව­රන් මහතා සඳ­හන් කළේ කරුණු කිහි­ප­යක් හේතු­වෙන් පළාත් පාලන මැති­ව­රණ පනත සංශෝ­ධ­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ලයේ අව­ධා­නය යොමු වූ බවය.

ඒ අනුව ‘පළාත් පාලන මැති­ව­රණ විශේෂ විවි­ධාන (සංශෝ­ධිත) පනත් කෙටු­ම්පත’ නමින් කෙටු­ම්ප­තක් සකස් කිරී­මට කැබි­නට් මණ්ඩ­ලය මඟින් නීති කෙටු­ම්පත් දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස් දී ඇති බව නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

නව තරුණ ඡන්ද­දා­ය­ක­යන්ට ඡන්දය ප්‍රකාශ කිරී­මට අව­ස්ථාව ලබා­දීමේ අර­මු­ණින් 2024 ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය පද­නම් කර­ගෙන පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අවශ්‍ය පහ­සු­කම් සැල­සීම එහි එක් අර­මු­ණක් බව නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

එම මැති­ව­ර­ණය සඳහා 2023 වස­රේදී කැඳ­වන ලද නාම­යෝ­ජනා අහෝසි කර නව නාම­යෝ­ජනා කැඳ­වී­මට සහ තැන්පත් කළ ඇප මුදල් නැවත ගැනී­මට ඔවුන්ට අව­ස්ථාව සැල­සෙන බව ද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා එහිදී සඳ­හන් කළේය.

මෙය මහ­ජ­න­තා­වට ඉතා වැද­ගත් වන කරු­ණක් වන බැවින් මේ සම්බ­න්ධ­යෙන් උන­න්දු­වක් දක්වන පුද්ග­ල­යන්ට මෙම නඩු­ක­ර­යට මැදි­හ­ත්වීම සඳහා අව­ස්ථාව දීම සඳහා මෙම පෙත්සම් පිළි­බඳ භාෂා තුනෙන් ජාතික පුව­ත්ප­ත්වල දැන්වී­මක් පළ කරන ලෙස සහ ඊට අම­ත­රව නව තාක්ෂ­ණය යටතේ QR කේතය ද ප්‍රසිද්ධ කරන ලෙසට නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ද පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ අලි සබ්රි මහතා එහිදී අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එම ඉල්ලී­මට අව­සර දීමට විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය.

මෙම පෙත්ස­ම්වල වග­උ­ත්ත­ර­කාර පාර්ශ්ව­යට යළි නොතීසි නිකුත් කරන ලෙස ද විනි­සුරු මඬුල්ල පෙත්ස­ම්ක­රු­වන්ගේ නීති­ඥ­ව­ර­යාට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම ලබන වර්ෂයේ ජන­වාරි 29 වැනි දින යළි කැඳ­වන ලෙස ද අධි­ක­ර­ණය නියෝග කළේය.

දේශ විමු­ක්තිය ජනතා පක්ෂයේ සාමා­ජික නිහාල් ද සිල්වා මහතා ඇතුළු පිරි­සක් විසින් මෙම පෙත්සම් ඉදි­රි­පත් කර තිබිණි.

මැති­ව­රණ කොමි­සම, දේශ­පා­ලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩා­ය­ම්වල ලේක­ම්වරු ඇතුළු පිරි­සක් මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

නීතිඥ සනත් විජේ­ව­ර්ධන මහ­තාගේ උප­දෙස් පරිදි ජනා­ධි­පති නීතිඥ අලි සබ්රි මහතා පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි­යේය.

නීති­පති වෙනු­වෙන් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් නිර්ම­ලන් විග්නේ­ෂ්ව­රන් මහතා පෙනී සිටි­යේය.

dinamina

 

Leave A Comment