තොරතුරු තාක්ෂණ පද්ධතිවලට දත්ත ඇතුළත් කිරීම ප්‍රධාන කරුණු 4ක් අනුව
- 5opn1
- November 3, 2024
- තොරතුරු තාක්ෂණය
- තොරතුරු තාක්ෂණ පද්ධති
- 0 Comments
සියලුම රාජ්‍ය ආයතන මගින් නියාමනය හෝ සංවර්ධනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමේ දී ප්‍රධාන කරුණු හතරක් අනුව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ අනුව අදාළ දත්ත ඇතුළත් කිරීමේදී අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියකු හඳුනාගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීමට, විදේශිකයකු හඳුනාගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීමට, ආයතනවල අනන්‍යතාව හඳුනාගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය සහ එම ආයතන හිමිකරුවන්ගේ/ අධ්යක්ෂ මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හා විදේශ සාමාජිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීමට සහ අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් ආයතන සමග හුවමාරු කිරීමට හැකිවන පරිදි දත්ත ප්රමිතිකරණය සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බවට රජය විසින් හඳුනා ගනු ලැබ ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත