
දකුණු කොරියාවේ හිටපු වැඩබලන ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය ප්‍රතික්ෂේප වෙයි
- CNL Reporter
- March 24, 2025
- දේශපාලන
- දකුණු කොරියාවේ හිටපු වැඩබලන ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය ප්‍රතික්ෂේප වෙයි
- 0 Comments
දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට අගමැති Han Duck-sooට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, වැඩතහනමට ලක්ව සිටි Han Duck-soo නැවත් දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බව සඳහන් වේ.
එමෙන්ම වත්මන් වැඩබලන ජනාධිපති සහ මුදල් අමාත්‍ය ලෙස කටයුතු කරන Choi Sang-mokගෙන් එම තනතුර භාරගනු ඇති බව සඳහන් වේ.
දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති Yoon Suk Yeolට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි.
කෙසේ වුවද පළමු වරට ගෙනආ දෝෂාභියෝගයේදී ජනාධිපති නියෝජනය කරන පාලක People Power පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්විය.
ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය පියවර ගත් අතර එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
දෝෂාභියෝගයට විපක්ෂව හිමි වූයේඡන්ද 85ක් පමණි.
ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeolට එරෙහි දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබුණි.
ඒ අනුව Yoon Suk Yeol ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමෙන අතර එරට අගමැතිවරයා Han Duck-soo වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළේය.
පසුව නැවතත් එරට විපක්ෂය විසින් වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටි Han Duck-soo ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ අතර එම අවස්ථාවේ දී මුදල් අමාත්‍ය ලෙස කටයුතු කරන Choi Sang-mokක් වැඩබලන ජනාධිපති තනතුර භාරගනු ලැබීය.
ජනාධිපති Yoon Suk Yeol විසින් පසුගිය දෙසැම්බර් මාසයේ යුද නීතිය පැනවීමත් සමඟ දකුණු කොරියාවේ දේශපාලනමය මෙන්න රටේ පාලනයේද ව්‍යාකූල තත්ත්වයක් හට ගත්තේය.
ජනාධිපතිගේ අත්තනෝමතික තීන්දුව පැය කිහිපයක් තුළ හකුලාගත්ත ද ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ අතර පසුව ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.
කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසයේ නැවත් ඔහුව රඳවා සිටි මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීමට එරට අධිකරණය තීන්දු කළේය.