
දුටු තැන අල්ලනු: මාතර උසාවියෙන් දේශබන්දුට විවෘත වරෙන්තු
- CNL Reporter
- March 12, 2025
- දේශපාලන
- දුටු තැන අල්ලනු: මාතර උසාවියෙන් දේශබන්දුට විවෘත වරෙන්තු
- 0 Comments
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (11දා) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
පසුගිය පෙබරවාරි මස 28 වැනිදා එවකට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.
එලෙස නියෝග කර තිබුණේ 2023 වසරේ දෙසැම්බර් 31දා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙනි.
2023 වසරේ දෙසැම්බර් මස 31දා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හරක්කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයට ගොස් තිබූ අතර එහිදී වැලිගම පිහිටි ඩබ්ලිව් 15 හෝටලය දෙස සිට සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි. ඒ අවස්ථාවේ අදාළ රථයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට වෙඩි වැදී තුවාල සිදුව තිබූ අතර රෝහල්ගත කළ එක් පොලිස් නිලධාරියකු ජීවිතක්‍ෂයට පත්ව තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටි හිටපු පොලිස්පතිවරයා අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ඊයේ (11දා) මෙලෙස සාමාන්‍ය වරෙන්තු වෙනුවට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර එම වරෙන්තුවට අනුව හිටපු පොලිස්පතිවරයා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසට ද නියෝග නිකුත් කර තිබිණි.
මාතර අතිරේක – ලලිත් පත්මසිරි