දුරකතන සමාගම් කොන්දේසි කඩනවා නම් බලපත්‍ර අහෝසි කරනවා
- 5opn1
- January 15, 2025
- දේශපාලන
- දුරකතන සමාගම් කොන්දේසි කඩනවා නම් බලපත්‍ර අහෝසි කරනවා
- 0 Comments
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
ජංගම දුරකතන පැකේජවල මිල වැඩිවීමකට කිසියම් පාරිභෝගිකයකු මුහුණ දී ඇත්නම් කඩිනමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙස එම කොමිසම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සියලුම ජංගම දුරකතන සමාගම් විසින් කිසිඳු මිල වැඩි කිරීමක් මේ වන විට සිදු කර නොමැති බවට ලිඛිතව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දන්වා තිබෙන බවද එම කොමිෂන් සභාවේ අධ්යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
යම්කිසි පාරිභෝගිකයෙක් තමා සක්‍රිය කර තිබෙන ජංගම දුරකතන පැකේජයක මිල ගණන් ඉහළයාමකට මුහුණ දී සිටී නම් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු සාධක සහිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරන බව ද මෙහිදී ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා ඉල්ලීමක් කළේය.
මිල ගණන් වැඩි කිරීමක් කළහොත් එය කොමිෂන් සභාව සේවාදායක සමාගම්වලට ලබාදී තිබෙන බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
බලපත්‍ර සහිත සමාගම් කොන්දේසි උල්ලංඝනය කිරීමක් කරන්නේ නම් එවැනි සේවාදායක සමාගම්වලට විරුද්ධව පනතේ සඳහන් බලතල ප්‍රකාරව ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද අලුත්ගෙදර