
දේශබන්දුට එරෙහි පාර්ලිමේන්තු යෝජනා විවාදයට උසාවියේ නඩුව හරස්වෙයිද ? – ටිරාන් සහ දේශබන්දු එදා කියපු කතා (වීඩියෝ)
- CNL Reporter
- March 27, 2025
- දේශපාලන
- දේශබන්දු
- 0 Comments
බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඊයේ (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කථානායකට බාරදීම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 25 දා දහවල් සිදුවිය.
කෙසේවුවද එම යෝජනාවට අදාල ව මේවනවිට අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින තත්වයක් තුල මෙවැනි විවාදයක් පැවැත්වීමට හැකියාවක් නොමැතිබව නීති විශාරදයින් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය ඔස්සේ මත පළකර ඇත.
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පති සමයේ මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
මාතර – වැලිගම ප්‍රදේශයේ සිදුවූ එම සිද්ධිය සම්බන්ධයෙන් එවකට මහජන ආරක්ෂා අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති මාධ්‍ය හමුවකදී මෙසේ කරුණු පැහැදිලි කළේය.