
දේශබන්දුට තුන්වේලටම ගෙදරින් කෑම ලබා දීමට අවසර
- CNL Reporter
- March 25, 2025
- පුවත්
- දේශබන්දුට තුන්වේලටම ගෙදරින් කෑම ලබා දීමට අවසර
- 0 Comments
බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබෙයි.
ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බව වාර්තා වෙයි.
දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ආහාරවේල නිවසින් ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා පසුගිය දා ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසරය ලබා දී ඇත.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොන්දේසිවලට අනුගත වෙමින් ආහාර ගෙන ඒම සිදුකළ යුතු වෙයි.
වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින 20කට පසුව අධිකරණයට භාරවී තිබුණි.
එහිදී මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3 වනදා වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.