නඩු රැසක් ‘හයි ස්පීඩ්’

දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන මන්දගාමී වූ සහ නීතිපති උපදෙස් සඳහා යොමුව තිබූ නඩු ගණනාවක ඉදිරි කටයුතු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සහ නීතිපති දෙපාර්තමේන්තුව මගින් කඩිනම් කර ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.

එසේ සුවිශේෂී නඩු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් කඩිනම් කර ඇත. එහි ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන හිතවතුන් සිටින බවද සඳහන් වෙයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට රාජපක්ෂ සහ යහපාලන රාජ්‍ය පාලන සමයේ විමර්ශන සඳහා ලැබූ තිබූ පැමිණිලි ගණනාවක විමර්ශන කටයුතු කඩිනම් කර ඇති අතර එහි මෙතෙක් කලක් නම් සඳහන් වූ විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකු වන බව ද වාර්තා වෙයි.

ඇතැම් විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින බවත්, ඉදිරි දෙසතියේ දී ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිරිමන්ත රත්නසේකර

Tags:

Leave A Comment