
නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන් ගෙන එන බවට රජයෙන් ප්‍රකාශයක්
- CNL Reporter
- April 1, 2025
- දේශපාලන
- නව ව්‍යවස්ථාව
- 0 Comments
නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ අනිවාර්යෙන් සිදුකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එමගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ද පියවර ගන්නා බවය.
ඊයේ (31) රාත්‍රී TV දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
“අපි පාර්ලිමේන්තු මැතිවරණය තියාගත්තා ඊට පස්සේ දැන් පළාත් පාලන මැතිවරණය. පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙකක් කල්ගියා ඒක දැන් තියන්න ඕනේ. ඊට පස්සේ පළාත් සභා මේ වසර අවසානයේ හෝ… ඒකට හරි දිනයක් නැහැ. ඉක්මනටම ඒ මැතිවරණයත් තියාගන්න ඕනේ.”
“ව්‍යවස්ථාව අලුතින් ගේන එක, විධායකය අහෝසිකරන එක මේ වසර 05 ඇතුළත කෙරෙනවා කියලා කියන්නම්. විධායකය අහෝසි නොකළොත් අවුරුදු 05කට පස්සේ අපි ගිහිල්ලා මිනිස්සුන්ට උත්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා එකවරම අවස්ථාවකවත් අපේ පක්ෂයේ සාකච්ඡාවක් ආවේ නැහැ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර ඉන්නවා කියලා.”
adaderana