නිල්වැල්ලේ ධීවර යාත්‍රා දෙකක් ගිනි ගනියි

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රා 02ක් අද (17) උදෑසන ගිනි ගෙන තිබෙයි.

එම ගින්න මේ වන විට ගින්න මැඩපවත්වා තිබෙන බව වාර්තා වෙයි.

මෙම බහුදින ධීවර යාත්‍රාවල හිමිකරු ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක් සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවයි.

ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවී ඇති අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Leave A Comment