නීතියෙන් බාධාවක් නෑ: වගා හානි කරන සතුන්ට වගාබිමේදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් – ඇමැති ලාල්කාන්ත

වගාවන්ට සිදු වන වෙනත් හානි සඳහා පිළියම් යොදන ආකාරයටම වගාවන්ට හානි කරන වන සතුන් සඳහා වගා භූමියේදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිම නෛතික බාධාවක් නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

මේ වන විට කෘෂිකර්මාන්තයට බරපතළම ප්‍රශ්නයක් වන්නේ වන සතුන්ගෙන් වගාභූමි ආරක්ෂා කර ගැනීම බව කී ඇමැතිවරයා, රිළවුන්ගෙන් සිදුවන හානිය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි කීය. එබැවින් තම වගා භූමි ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙම ගැටලුවට දීර්ඝ කාලීන පිළිතුරක් සෙවීමේ වගකීම සිය අමාත්‍යාංශය විසින් භාරගෙන ඇති අතර එම ගැටලුව වැඩිකල් යන්නට පෙර විසඳන බවත් ඇමැතිවරයා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Leave A Comment