නොව පැරණිය වන රමණිය සියක් වතින් තිහක්
- 5opn1
- November 3, 2024
- විශේෂාංග
- නොව පැරණිය වන රමණිය සියක් වතින් තිහක්
- 0 Comments
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ දිවිපෙවෙත ඇතුළත කොතෙක් නම් අය හමු වෙන්නට ඇත්ද? ඒ හමු වූ අය අතර, කොතෙක් නම් විවිධ ක්ෂේත්රයන්හි සුරුකම් දක්වන අය වෙත්ද? මේ කෘතියෙ ඇත්තේ පුද්ගල බද්ධ ඇසුර හා අභ්‍යාසය ඇසුරෙන් ගොඩනැඟුණු මතක සමුදායකි. මේවා පිරිපුන් අපදාන සේ හෝ සම්මත චරිත කතා ගණයේ නොගන්නා ලෙස මහාචාර්යවරයා කෘතියේ පසුවදනේ දක්වයි. මේවා සිද්ධි හා අවස්ථා ලෙසත් චරිතාංශු ලෙසත් දැක්විය හැකිය.
සිය දිවි මඟ ඇසුරේ හමු වූ දහසකුත් පිරිස අතර, චරිත තිහක් තෝරා ගැනීම පහසු නොවන්නට ඇත. විවිධ කලාකරුවෝ, විවිධ ගුරුවරු ආදී පිරිස ඇසුරෙන් මේ චරිත තෝරා ගත් බව ලේඛකයා පවසයි.
සමහර ලේඛකයන්ගේ දිවිපෙවෙත ඇතුළේ විවිධ අවස්ථා ලේඛකයා නිරූපණය කරන්නේ ඔවුන් හා එකල්හි කරන ලද ඇසුරත් සමඟය. ඒවා ලියන්නේත් ඒ ඒ චරිතවලට ආවේණික ස්වභාවවලට අනුකූල භාෂා ශෛලියෙනි. ඒ ඇසුරත් සමඟ වෙනත් ලේඛකයකුට හසු නොවන සියුම් අවස්ථා මේ ලේඛකයාට චරිත ඇසුරේ හමුවී තිබේ.
කර්තෘ – මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
ප්රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම