පරිසරවේදී සමන්ත ගුණසේකර “මීපා” සභාපති ධුරයට

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී, හිටපු රේගු අධිකාරි සමන්ත ගුණසේකර මහතා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ (MEEPA) අභිනව සභාපතිවරයා ලෙස ඊයේ (20) තම අධිකාරියේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ලෝකයේ ප්‍රථම වරට රේගුවක් තුළ “ජෛව විවිධත්ව ආරක්‍ෂණ සහ ජාතික උරුමයන් පිළිබඳ ඒකකයක්” නිර්මාණය කරමින් ‘හරිත’ රේගු සංකල්පය ලෝකයට හඳුන්වා දුන් ගුණසේකර මහතා නීතිවිරෝධීව පිටරටට රැගෙන යන ශාක, සතුන් සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත දෑ අත්අඩංගුවට ගනිමින් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කර දුන් නිලධාරියෙකි.

එසේම ජපානය වැනි දියුණු රටවලට ද මෙම “හරිත රේගු” සංකල්පය හඳුන්වා දීමට ගුණසේකර මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව අවට මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විනාශය ගැන ක්‍රියාකාරීව කටයුතු කළ ගුණසේකර මහතා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ස්ථාපිත ‘තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ’ ද ආරම්භක සාමාජිකයෙකි.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අතින් සමන්ත ගුණසේකර මහතා අධිකාරියේ සභාපති ධුරයට අදාළ පත්වීම ඉකුත්දා ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

 

Leave A Comment