‘පළමුව අමෙරිකාව’
- 5opn1
- November 8, 2024
- විශේෂාංග
- ‘පළමුව අමෙරිකාව’
- 0 Comments
ට්‍රම්ප් තමා බලයට පත්වීමට පෙර සිටම මුල් කරගනු ලැබුවේ තම රටයි. මන්ද ඔහුගේ මැතිවරණ සටනේ පාඨය වූයේ ද ‘පළමුව අමෙරිකාව’ යන්නයි. අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වුවද ඔහු මූලික කරගනු ලැබුවේ පළමුව අමෙරිකාව යන්නයි. ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ලැබූ පසු කරන ලද පළමු කතාවේදීම ඔහු පවසා සිටියේ තම රට සහ රටේ ජනතාව පිළිබඳවයි.
දැනට දින කිහිපයකට පෙර සිට ලෝකයේ සියල්ලෝම ඇස ගසාගෙන සිටියේ අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳවය. මන්ද කවර අයකු ලෝක බලවතා පාලනය කිරීමට දිවුරුම් දෙනු ලැබුවද එහි බලපෑම අඩු වැඩි වශයෙන් සියලු රටවලට දැනෙන්නට පටන් ගන්නා හෙයිනි. පසුගිය අඟහරුවාදා එරට පවත්වනු ලැබුවේ 60 වැනි ජනාධිපතිවරණයයි. ඒ අනුව මෙවර ඡන්ද දායකයන් විසින් තෝරාගනු ලැබුවේ තම රට වෙනුවෙන් ඉදිරිපත් වන 47 වැනි ජනාධිපතිවරයාය. පාලක ඩිමොක්රටික් පක්ෂයේ කමලා හැරිස්ට ජනාධිපති සිහිනය වෙනුවෙන් තම කාලය මිඩංගු කිරීමට සිදුවූයේ ජෝ බයිඩන් ඉන් ඉවත්වීම හේතුවෙනි. ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බයිඩන්, ඔවුන් දෙදෙනාගේ පළමු ජනාධිපති විවාදය 2024 ජූනි 27 වැනිදා පැවැත්විණි. එම විවාදය අතරතුරදී බයිඩන්ගේ මතක ශක්තිය ගිලිහී ගොස් ඇති බව බොහෝදෙනෙක් පෙන්නුම් කළ අතර, ඩිමොක්රටික් පාක්ෂිකයින් සහ ප්රවෘත්ති ආයතන කිහිපයක කර්තෘ මණ්ඩල ඔහුට තරගයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියහ. එපමණක් නොව එම දිනවලම පුවත්පත් තීරු ලිපි රචකයන් කිහිපදෙනෙකු විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවයි. කොයිහැටි වෙතත් 2024 ජූනි මාසයේදී ජෝ බයිඩන්ට තම දෙවැනි වාරයේ ජනාධිපති පුටුවේ වාඩිවීමට අදහස් නොකළේ තම සිහිකල්පනාව පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් යැයි බොහෝදෙනෙක් තම අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නට විය. තවත් ලෙසකින් ඔවුන් කරුණු දක්වා සිටියේ නිවැරදි අයුරින් සංඛ්‍යාලේඛන හෝ ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාවක් නොතිබූ බවයි. තවත් ලෙසකින් කරුණු ඉදිරිපත් වූයේ ජූලි 19 වන විට, ජ්‍යෙෂ්ඨ ඩිමොක්රටික් පාක්ෂිකයන් 30කට අධික සංඛ්‍යාවක් එළඹෙන ජනාධිපති තරගයට ඉදිරිපත් නොවන ලෙස ඉල්ලා සිටි බවයි. ආරම්භයේ පටන් ඩිමොක්රටික් පක්ෂයේ කමලා හැරිස් සහ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවතියේ කරට කර තරගයකි. කරට කර තරගය කෙසේවුවත් සමාජ මාධ්‍ය බහුතරයකින් පෙන්නුම් කළේ හිටපු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි ඉඩකඩක් වෙන්ව ඇති බවකි.
C.N.N. පුවත් සේවය සඳහන් කර තිබූ අයුරින් පසුගිය 2020 ජනාධිපතිවරණයේදී ඔහුට ලබාගැනීමට හැකියාව ලැබුණේ ඡන්ද 46.9% ප්රතිශතයකි. ඒ ජෝ බයිඩන් ලබාගත් 51.3%ක ඡන්ද ප්‍රතිශතයට පිළිතුරු ලෙසිනි.
මැතිවරණයට පෙර
මැතිවරණයට පෙර සිටම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ අදහස්, මතිමතාන්තර මෙන්ම වේදිකාවන් මත කරනු ලබන ප්‍රකාශයන් ද නොයෙක් අයුරින් ජනතාව අතර කතාබහට ලක්වූ අතර ගබ්සාව පිළිබඳ නීතිමය බව සඳහන් කරුණක් ද කතාබහට ලක්විය. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටියේ, ගබ්සාව නීතිමය ක්‍රියාවලියක් විය යුතු යැයි විශ්වාස කරන ඡන්ද දායකයන් හැරිස්ට සහාය දුන්නේ 51% සිට 47% දක්වා ඡන්ද සංඛ්‍යාවක් බවය. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ තමා ෆෙඩරල් ගබ්සා තහනමකට විරුද්ධ නමුත් ප්‍රාන්තවලට ඔවුන් කැමැති පරිදි සීමාසහිත හෝ සීමාරහිත නීති සම්මත කිරීමට නිදහස ඇති බවයි. ඒ කතා කොයිහැටි වෙතත් 2024 ජනාධිපතිවරණය අවසානයේ ප්‍රතිඵලය වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් 47 වැනි ජනාධිපතිවරයා ලෙසින් පත්වූයේ ඡන්ද විද්‍යාල බහුතරයක් දිනා ගනිමිනි. අමෙරිකාවේ මුළු ඡන්ද විද්‍යාල ඡන්ද 538කි. අපේක්ෂකයකු ජනාධිපති ධුරය දිනාගැනීම සඳහා බහුතර ඡන්ද – 270 හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය. ඒ අනුව ඡන්ද විද්‍යාල 270ට වඩා බහුතරය දිනාගනිමින් දෙවන වරටත් ජනාධිපතිවරයා ලෙසින් අමෙරිකාවේ බලවත්ම ආසන ද තමා වෙත් නතුකර ගැනීමට හේ සමත් විය.
ඒ අනුව ගියවර ඩිමොක්රටික් පක්ෂය ජයග්‍රහණය කළ ඡන්ද විද්‍යාල දෙකක් වූ ජෝර්ජියා ප්‍රාන්තයේ සහ පෙන්සෙල්වෙනියා ජයග්‍රහණය කිරීමට මෙවර සමත් වූයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ය. එහිදී ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද විද්‍යාල 16ක් පවතින අතර පෙන්සෙල්වේනියා ප්‍රාන්තයේ ඡන්ද විද්‍යාල 19ක් පැවතුණි. එමෙන්ම ඡන්ද විද්‍යාල 11ක් පවතින ඇරිසෝනා ප්‍රාන්තය, ඡන්ද විද්‍යාල 10ක් පවතින විස්කොන්සින් ප්‍රාන්තය, 15ක් පවතින මිචිගන්, විද්‍යාල 16ක් පවතින උතුරු කැරොලිනා සහ ඡන්ද විද්‍යාල 6ක් පවතින නෙවාඩා ප්‍රාන්තය ද දිනාගැනීමට සමත් වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ආරම්භ වූ මොහොතේ පටන් පෙරමුණ ගැනීමට සමත් වූයේ ට්‍රම්ප්ය. ප්‍රතිඵල ලේඛනයේ ඉදිරියෙන්ම සිටීමට ඔහු සමත් වුවද කමලා හැරිස් ද වරින්වර කරට කර තරගයක් දීමට සමත් වන බව පෙනිණි. මන්ද ඡන්ද විද්‍යාල 54ක් පවතින කැලිෆෝනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ කමලා හැරිස්ය. කෙසේ වුවද ප්‍රාන්ත කිහිපයකම ප්‍රතිඵල නිවේදනය කිරීමට තිබියදීම ඡන්ද විද්‍යාල ප්‍රතිඵල පදනම මත එරට මාධ්‍ය 47 වැනි ජනාධිපතිවරයා ලෙසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ප්‍රකාශයට පත් කෙරිණි.
පළමුව අමෙරිකාව
ට්‍රම්ප් තමා බලයට පත්වීමට පෙර සිටම මුල් කරගනු ලැබුවේ තම රටයි. මන්ද ඔහුගේ මැතිවරණ සටනේ පාඨය වූයේ ද ‘පළමුව අමෙරිකාව’ යන්නයි. අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වුවද ඔහු මූලික කරගනු ලැබුවේ පළමුව අමෙරිකාව යන්නයි. ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ලැබූ පසු කරන ලද පළමු කතාවේදීම ඔහු පවසා සිටියේ තම රට සහ රටේ ජනතාව පිළිබඳවයි.
“මෙය සදහටම මතකයේ රැඳෙනු ඇත්තේ අමෙරිකානු ජනතාව තම රටේ පාලනය යළි ලබා ගත් දිනය ලෙසයි. ලෝකයේ ඕනෑම රටකට වඩා අපි ළඟ වැඩි දියර රත්රන්, තෙල් සහ ගෑස් තියෙනවා. ඒවා සෞදි අරාබියට වඩා වැඩියි, රුසියාවට වඩා වැඩියි. අපි ණය ගෙවන්නයි යන්නේ. අපි බදු අඩු කරන්න යනවා. කාටවත් කරන්න බැරි දේවල් අපිට කරන්න පුළුවන්. වෙන කාටවත් ඒක කරන්න බැරි වෙයි. අපිට තියෙන දේ චීනයට නැහැ. අපට ඇති දේ කිසිවෙකුට නැහැ, නමුත් අපට ශ්‍රේෂ්ඨතම මිනිසුන් ද ඉන්නවා. සමහර විට ඒක තමයි වැදගත්ම දේ.
මෙම ව්‍යාපාරය බොහෝ ආකාරවලින් ඓතිහාසික වෙනවා. අපි ගොඩනඟලා තියෙන්නේ විශාලතම, පුළුල්ම, වඩාත්ම ඒකාබද්ධ සන්ධානය. මුළු අමෙරිකානු ඉතිහාසයේම කිසිවකු මේ වගේ දෙයක් දැකල නෑ. බාල, මහලු, පිරිමි සහ ගැහැනු, ගම්බද සහ නාගරික අපි හැමෝම අපි අපිට උදව් කළා. මම ඒක බලාගෙන හිටියා. අපට ඡන්දය දුන් ජනතාව ගැන ඔවුන්ට හොඳ විග්‍රහයක් තිබුණා. කිසිවකු එවැනි දෙයක් දැකල තිබුණේ නෑ. ඔවුන් සෑම අස්සක් මුල්ලක් නෑරම ඉඳල අපිත් එක්ක එකතු වුණා.” යනුවෙනි.
මීට අමතරව ඔහු මෙසේ ද සඳහන් කර සිටින්නට විය.
“අමෙරිකාව අපිට පෙර නොවූ විරූ සහ බලගතු ජනවරමක් ලබා දීල තියෙනවා. මේ නිසාම සෙනෙට් මණ්ඩලයේ පාලනය ද අපි ලබාගත්තා. මම විශ්වාස කරන විදියට මේක තමයි මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨතම දේශපාලන මැතිවරණය. මේ හරහා නව මානයකින් යුතුව අපේ රට සුවපත් කිරීමට අපිට දැන් උදවු උපකාර කළ හැකියි. ඒ වගේම අමෙරිකාවේ සෑම පුරවැසියෙක් වෙනුවෙන්ම මම සටන් කරනවා. ඔබේ පවුලේ සියලු දෙනාගේ අනාගතය වෙනුවෙන් මම සටන් කරනවා”
මැද පෙරදිග
අමෙරිකානු නව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයත් සමඟ බොහෝ දෙනෙක් කතා කරනු ලබන මීළඟ මාතෘකාව වන්නේ මැදපෙරදිග යුද්ධයයි. මන්ද ලෝක ප්‍රජාවගෙන් බහුතරයක් ප්‍රකාශ කර සිටින්නේ ඊශ්‍රායලය සඳහා යුද ආධාර නිරන්තරයෙන් අමෙරිකාව විසින් ලබාදෙන බවයි. විටක කමලා හැරිස් බලයට පැමිණියාට වඩා යම් සහනයක් ඊශ්‍රායලයට ලැබෙනවාට සැක නැත. කමලා හැරිස්ගේ ප්‍රතිපත්තීන්ට අනුව ප්‍රකාශ කර සිටියේ යුදෙව්වන්ට මෙන්ම පලස්තීන ජාතිකයන්ට ද වෙනම රාජ්‍යයන් තිබිය යුතු බවත්, ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික ලෙසින් කටයුතු කරනා බවත්ය. එහෙත් ට්‍රම්ප්ගේ පැමිණීම ඊට වඩා බොහෝසෙයින් වෙනස් වීමට ඉඩ පවතී. එයට හේතුව වන්නේ මීට පෙර ජෝ බයිඩන් ද සඳහන් කර තිබුණේ ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලැස්මක් ඉරානය වෙත පවතින බවය. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ පළමු ජනපතිවරණ සමයේදී ද ඔහු විසින් ඊශ්‍රායලයේ යුද ශක්තිය මෙන්ම ආර්ථිකය නංවාලන්නත් කටයුතු කර තිබූ අතර මීට පෙර ඔහු විසින් ඊශ්‍රායලයට ප්‍රකාශ කර තිබුණේ ඉරාන න්‍යෂ්ටික ප්රහාරයන්ට ප්‍රහාර එල්ල කරන ලෙසයි.
කොයි හැටි වෙතත් අමෙරිකාවේ වයස්ගතම ජනපතිවරයාගේ කල්ක්‍රියාව අපට දැකගැන්මට හැකිවන්නේ ඉදිරි වසර කිහිපයේදීය.
රජිත බස්නායක