
“පාස්කු ඛේදවාචකය: රහස් හස්තය එස වු විට”
- Sujeewa Senerath
- September 17, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුවද මෑත ඉතිහාසයේ සිදු වූ බරපළම ඛේද වාචකය ගැන යුක්තිය හෝ සාධාරණත්වය මෙතෙක් ඉටු වී ඇත. තම වගකීම් පැහැර හැරීම ගැන ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමති වූ මෛත්‍රිපාල සිරිසේන ඇතුළත් පිරිසකට එහි වින්දිතයන්ට වන්දි ගෙවීමට නියම වුවද ඒ ඛේදවාචකයේ එක පැත්තක් පමණි. ජනප්‍රිය විවේචනයක් වූ මහමොළකරු තවම හඳුනා ගෙන නැත.
බෝම්බ පිපිරවීමෙන් වසරක් ගතවිමටත් පෙර ආචාර්ය රාජන් හූල් සිද්ධියේ මහමොළකරු පුද්ගලයෙකු නොව නීතියේ ආධිපත්‍යය බිඳ දැමු පරිපාලන සහ ආරක්ෂක ක්‍රියා පටිපාටි බව මැනැවින් පැහැදිලි කෙළේය. ඔහුගේ Easter Tragedy: When the Deep State Gets Out of Depth කෘතිය මහින්ද හත්තක ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය යනුවෙන් සිංහලට පර්වර්තනය කෙළේ එහි දැක්ම සිංහල පාඨකයාට ද වැදගත් වන නිසාය.
ආචාර්ය රාජන් මෙසේ සඳහන් කරයි.‘නීතිය ක්‍රියාත්මක කරවීම දේශපාලන කූඨෝපායක් බවට පත් නොවුයේ නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් හැඳින්වෙන සහ්රාන් ගණන්කාරයෙකුට වැඩි කෙනෙතු නොවනු ඇත.’
පාස්කු ප්‍රහාරයට තුඩු දුන් හේතු සහ එහි දේශපාලනය තේරුම් ගැනීමට මෙම කෘතිය බෙහෙවින් වැදගත් ය.
එහි දෙවන මුද්‍රණය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය දැන් පළ කර ඇත.