
පැරදුණත් මන්ත්‍රී ධූර ඉල්ලති
- CNL Reporter
- May 11, 2025
- දේශපාලන
- මන්ත්‍රී ධූර
- 0 Comments
නොදුන්නොත් පක්‍ෂයෙන් යනවාලු
කරපු සේවා ගැනත් කියති
මැතිවරණ කොට්ඨාස පරාජයට පත් වූ අපේක්‍ෂකයෝ ද සභික ධුර ඉල්ලා බලකිරීම නිසා දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් ප්‍රසාද සභික ලැයිස්තු පුරවා ගැනීමට නොහැකිව අර්බුදයට ලක්ව සිටී.
තමන්ට ලැබුණු සභික ධුරවලට නියෝජිතයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිසම පක්‍ෂ ලේකම්වරුන්ට හා කණ්ඩායම් නායකයන්ට දැනුම් දී ඇතත් පක්‍ෂ රැසක් මේ වනතෙක් එම ලේඛන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලයට ලබා දී නොමැති බව වාර්තා වේ.
මේ වනතෙක් එම ලේඛන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලයට ලබා දී නොමැති බව වාර්තා වේ.
මැතිවරණයට පෙර ප්‍රසාද සභික ධුර සඳහා නාම ලේඛන ඉදිරිපත් කර තිබුණ ද තමන්ද පක්‍ෂය දිනවීමට දිගු කැපවීමක් කර ඇති බැවින් ඊට තමන්ව පත් කරන ලෙස කොට්ඨාසවලින් පරාජයට පත්වූ පිරිස් පක්‍ෂවලට බලකරමින් සිටින බව පැවැසේ.
කොළඹ මහනගර සභාවේ සභිකධුර පිරවීමේ දී විපක්‍ෂයේ ප්‍රබල පක්‍ෂ මෙම අර්බුදයට මුහුණපා ඇති අතර සභිකධුර ලබා නොදෙන්නේ නම් පක්‍ෂවලින් ඉවත්වන බවට ඇතැමුන් තර්ජනය කර ඇතැයි ද වාර්තා වෙයි.
රනිල් ධර්මසේන