පීඩාවට පත් ජන පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සපයන්න – තාක්ෂණික තොරතුරු මතම ඉන්න එපාතාවට කඩිනමින් සහන සපයන්න – තාක්ෂණික තොරතුරු මතම ඉන්න එපා
- 5opn1
- November 28, 2024
- දේශපාලන
- පීඩාවට පත් ජන පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සපයන්න – තාක්ෂණික තොරතුරු මතම ඉන්න එපාතාවට කඩිනමින් සහන සපයන්න – තාක්ෂණික තොරතුරු මතම ඉන්න එපා
- 0 Comments
ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27දා) පැවති සාකච්ඡාවේදීය.
විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබාගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. එම ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දුන්නේය.
අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවධානමක් සහිත උතුරු නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දැනට මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටින ධීවර ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන්ව සුරක්ෂිතව ගොඩ බිමට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලබාදීමට මෙහිදී අවධානය යොමු විය.
විපතට පත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක සේවා සපයමින් එම ජනතාව සම්බන්ධයෙන් පසු විපරම් තොරතුරු ලබාගැනීමටද කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වයිෂ් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.