
පොලිස් අවියට පොලිසිය පරිගණකයටත් වැඩ
- CNL Reporter
- March 30, 2025
- දේශපාලන
- පොලිසිය
- 0 Comments
පොලිසිය සතු අවි ගබඩාවල ඇති ගිනි අවි සියල්ල පිළිබඳ විස්තර පරිගණක ගතකර එම ගබඩාවලට ආරක්‍ෂිත කැමරා පද්ධති සවිකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාකර ගෙන යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.
පොලිසියට සම්බන්ධ කිහිප දෙනකු පාතාලයත් සමග පවත්වාගෙන යන සබඳතා පිළිබඳව ලැබුණු බුද්ධි වාර්තා අනුව මෙම ගිනි අවි ගබඩාවලට දැඩි රැකවරණ යෙදවීමට පොලිසිය ක්‍රියාකර තිබේ.
මේ අතරතුර පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ඉතා අවංකව සිදු කරන පොලිස් නිලධාරීන්ගේ සේවය පොලිස්පතිවරයාගේ ඇගැයීමට ලක්වී ඇත.
නෝමන් පලිහවඩන