
පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ
- CNL Reporter
- March 11, 2025
- පුවත්
- පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ
- 0 Comments
ශ්රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති එල්මෝ මයිකල් ප්ලේට් සහ කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්රිෂාන්ති අබේසේකර යි.
අප්සරා ක්රිෂාන්ති අබේසේකර කෑගල්ල, පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය විසින් පත් කරනු ලැබ ඇති අතර ඇය අද (11) එම නව තනතුරේ වැඩ භාර ගැනීමටට නියමිතය.
අප්සරා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස පත් කරනු ලැබුවාය.
theleader.lk