
බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් වූ අත්තනගල්ලත් මාලිමාව අල්ලයි
- CNL Reporter
- November 16, 2024
- දේශපාලන
- බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් වූ අත්තනගල්ලත් මාලිමාව අල්ලයි
- 0 Comments
මහින්දගේ හම්බන්තොටත් මෛත්‍රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ
බණ්ඩාරනායකවරුන්ගේ මැතිවරණ බලකොටුවක් වූ අත්තනගල්ල ආසනයද මෙවර ජාතික ජනබලවේගය විසින් නතුකර ගැනීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව අත්තනගල්ලෙන් ජාතික ජනබලවේගය ඡන්ද 70,026ක් ලබාගත් අතර සමගි ජනබලවේගය ඡන්ද 11,187ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 4,958ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 2,581ක්ද, සර්වජන බලය ඡන්ද 1750ක්ද ලබාගෙන තිබේ. එහි ජයග්‍රහණයේ ප්‍රතිශතය සියයට 73.30කි.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද බලකොටුව වූ පොළොන්නරුවද ජාතික ජනබලවේගය විසින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබේ.
ජාතික ජනබලවේගය එහිදී ඡන්ද 159,010ක් දිනාගත් අතර සමගි ජනබලවේගය ඡන්ද 43,822ක්ද සර්වජන බලය 8,587ක්ද ලබා ගන්නේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද බලකොටුව ලෙස හැඳින්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයද මෙවර ජාතික ජනබලවේගය විසින් අති විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කිරීම විශේෂ සිදුවීමකි.
ජාතික ජනබලවේගය හම්බන්තොටින් ඡන්ද 234,083ක් ලබාගත් අතර සමගි ජනබලවේගය ඡන්ද 52,170ක්ද, පොදුජන පෙරමුණ ඡන්ද 26,268ක්ද ලබාගෙන ඇත.
හේමන්ත රන්දුණු