බිත්තරය රු.22ට බැස්සත් කොත්තුව එතැනමයි

රුපියල් 22 හා 23 දක්වා බිත්තරයක මිල පහළ බැස ඇතත් බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් සිදුව නැති බව වෙ‍ෙළඳපොළ තොරතුරු අනාවරණය කරයි. බිත්තර රොටී, කොත්තු, බිත්තර රෝල්ස් වැනි බිත්තර ආශ්‍රිත කෙටි ආහාරවල මෙන්ම බිත්තර ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලබන බනිස් වර්ග මෙන්ම කේක්වල ද මිල තවමත් ඇත්තේ බිත්තරයේ මිලත් සමඟ ඉහළ ගිය ප්‍රමාණයන්වලිනි.

බිත්තරය රුපියල් 70කට අලෙවි වන විට බිත්තර රොටියක මිල රුපියල් 120ත් 130ත් අතර මිලකට පැවැතියත් මේ වන විට බිත්තර රොටිය අලෙවි කෙරෙන්නේ එම මිල ගණන් යටතේය. රුපියල් 70වට පවතින බිත්තර රෝල්ස් එකක මිලද තවමත් අඩු වී නැත.

බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා නොදී කූට වෙ‍ෙළඳුන් ඒ තුළින් අධික ලාභ ලබන තත්ත්වයක් දක්නට ලැබෙන බව වෙ‍ෙළඳපොළ නිරීක්ෂණයේ දී පෙනී යන්නේය.

සුභාෂිණී සේනානායක

Leave A Comment