­

බිමල්ගේ අමාත්‍යංශයේ තුන්වෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ආචාර්ය බන්දුර දිලීප විතාරණ ඉල්ලා අස්වී තිබේ.

ආචාර්ය විතාරණ සිය ඉල්ලා අස්වීම ප්‍රවාහන ඇමති බිමල් රත්නායකට මාර්තු 20 දින යවා ඇතැයි දැනගන්නට ලැබෙන අතර එය විෂයභාර ඇමතිවරයා පිළිගෙන ඇතැයි ද වාර්තා වේ.

එම ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි වාර්තා වන්නේ නැති අතර එම ඉල්ලා අස්වීමේ ලිපියේ ඒ සඳහා හේතු දක්වා නැතැයි ද වාර්තා වේ.

දිලීප විතාරණ යළි විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සේවය සඳහා ගොස් ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

ජාතික ජනබලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බන්දුර දිලීප විතාරණ, ජාතික ජන බලවේගය නැංවීම සඳහා විශාල දායකත්වයක් දැරූ අයෙකු වශයෙන් පිළිගැනේ.

බිමල් රත්නායක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යශයේ විෂය පථයට ඇතුළත් ආයතනවල සභාපති ධුරයෙන් ඉවත්වූ තෙවැනි නිලධාරියා බන්දුර දිලීප විතාරණ වන අතර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන මීට පෙර ඉවත්වූහ.

theleader.lk

Leave A Comment